2018-07-24

ෆුජි සුගත සෙනසුන 富士スガタ冥想センター Fuji Sugata Monastery


ෆුජි සුගත සෙනසුන
කාරුණික පිංවතුනි.
ෂිශුඔකා දිස්ත්‍රික්කයේ ෆුජිනොමියා නගරාසන්නයේ ෆුජි කන්ද පාමුළ පිහිටි අඔකි නම්වූ සුන්දර ගම්පියසෙහි 2013 කවූ මැදින් මස 10 වැනි දින ෆුජි සුගත විහාරය නම්වූ පුංචි පන්සල ආරම්භ කරණ ලදි. ක්‍රමක්‍රමයෙන් විහාරස්ථානයට එන යන පිරිසගේ ප්‍රමාණය වැඩිවන විට පංසල තවත් කුඩාවන්නට විය. එමනිසාම විහාරස්ථානය වෙනත් ඉඩකඩ සහිත ස්ථානයක ස්ථාපිත කිරීම මැනවැයි කල්පනා කළ දායක පිංවතුන් ඒ සඳහා සුදුසු භූමියක් තෝරාගෙන 2018 ක්වූ ඇසළ මස පුර සැටවකනම් තිථිය ලත් රිවිදින හෙවත් 22 වැනි ඉරුදින ෆුජුනොමියා නගරයේම කිතයමා නම්වූ සුන්දර ගම්මානයේ වනරොදකින් වටවු පුණ්‍යභූමියකට ගෙණයන්නට යෙදුණි. ඒ සඳහා දායක වූ සැමදෙනාටම මෙසේ පුණ්‍යාණුමෝදනා කිරීමට කැමැත්තෙමි.
පලමුවෙන්ම මා මෙළොවට බිහිකොට ලේ කිරිකර පොවා ඇතිදැඩිකොට නිශ්ශරණාධ්‍යාශයෙන් සම්බුදු සසුනට පූජා කළ ආදරණීය පිංවත් මෑණියන් වහන්සේවන ආර්.ඩී.චන්ද්‍රලතා මහෝපාසිකාවත්, පි‍යාණන් වහන්සේ වන විශ්‍රාමලත් ග්‍රාමනිලධාරි ඊ.ඩී.රණසිංහ මහෝපාසකතුමනුත් සිහිපත් කරමි.
එසේම මා උතුම් ප්‍රවෘජාභූමියට ඇතුලත් කොට මූලික බණදහම් කියාදුන් මාතලේ ඕවිලිකන්ද ශ්‍රී විජයාරාම මූලමහා විහාරය ආදීකොටගත් විහාරගණයෙහි අධිපතිත්වය දරමින් සිට අපවත් වී වදාළ අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික මහා නිකායේ වයඹ මධ්‍යම පළාත්භාර ප්‍රධාන සංඝනායක මහා මහෝපාධ්‍යාය ජිනරතන වංශාලංකාර විමල කීර්ති ශ්‍රී අතිපූජ්‍ය ඕවිලිකන්දේ සුමනතිස්සාභිධාන නාහිමිපානන් වහන්සේ, අපවත් වී වදාළ ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද ඕවිලිකන්දේ ධම්මරතනලොකු හාමුදුරුවන් වහන්සේ, මාතලේ දොඩම්දෙණිය ශ්‍රී සුගතානන්ද විහාරාධිපති විශ්‍රාමලත් විදුහල්පති අපවත් වී වදාළ පූජ්‍යපාද ඕවිලිකන්දේ විම්ලරතන ලොකු හාමුදුරුවන් වහන්සේ යන ගුරුදේවෝත්තමයන් වහන්සේලා පුණ්‍යානුමෝදනා පූර්වකව පාදාභිවන්දනයෙන් සිහිපත් කරමි.
එසේම මාගේ ගුරුදේවෝත්තම මහරගම මහමේඝාරාමාධිපති අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික මහා නිකායේ බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක ධුරන්ධර පූජ්‍යපාද ශ්‍රී සුගුණපාල වංශාලංකාර අංකුඹුරේ අමරවංශාභිධාන නාහිමිපානන් වහන්සේ පාදාභිවන්දනයෙන් සිහිපත් කරමි. උන්වහන්සේගේ කාරුණික මගපන්වීම සහ අවවාද අනුශාසනාපරිදි අපට අද මෙසේ කටයුතු කිරීමේ භාග්‍ය උදාවී ඇත.
අපට මුලින්ම ජපානයට එන්නට අවස්ථාව උදාකරදෙනු ලැබූවේ උඩරට අමරපුර මහානිකායේ අනුනායක් ධුරන්ධර හචිඕජි සකමුණි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගෞරවාර්හ යාලගමුවේ ධම්මිස්සරාභිධාන නායක ස්වාමින් වහන්සේය. උන්වහන්සේගේ කාරුණික භාවය නිසා එම විහාරස්ථානයේ දායක සභාවේ ගරු සභාපති තැන්පත් සමන් ප්‍රයංකර මහත්මාගේ කාරුණික අනුග්‍රහයෙන් ජපන් භාෂාව හැදෑරීමට අවස්ථාව උදාවුණි. ඒ සඳහා දායක සභාවට කරුණු ඉදිරිපත් කරමින් දිරිමත් කළ මහාචාර්ය නිමල් මල්ලවාරච්චි සූරින් සහ අනුරුද්ධ සෙනෙවිරත්න මහත්මාද, අර්ථනායක මහත්මාද සිහිපත් කරමි.
ඉගෙන ගන්නා වයසේ කෙනෙකුගේ ඉගෙනීම, මානව අයිතියක් බව පවසමින් අපගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා උපකාර කරන්නට යෙදුණේ තෝකියෝ නුවර හතගයා ගෝතමී විහාරාධිපති මහා ධර්ම දූතයානන් වහන්සේ නමක් වන ආචාර්ය අළුබෝමුල්ලේ සුමනසාරාභිධාන නායක මාහිමිපානන් වහන්සේය. උන්වහන්සේගේ ශිෂ්‍ය ජපන් ජාතික ‍යස (Bhikkhu Yasa) සවාමින් වහන්සේ සහ ජපන් ථෙරවාද බෞද්ධ සංගමයේ ගරු සභාපති කොනිෂි ජුන්ඉචි (Mr.Konishi Junichi) මාහත්මා ඇතුළු බෞද්ධ සංගමයේ සියළුම පිංවතුන් මෙම අවස්ථාවේ සිහිපත්කිරීමට අමතක නොකරමි.
ෆුජි සුගත විහාරය ආරම්භ කරණ තෙක් මාස කිහිපයක්ම අපට නවාතැන් පහසුකම් සපයාදුන් ලොරන්ජන් සුභාෂ් මහත්මා සහ එම මහත්මණියත් පුණ්‍යානුමෝදනාපූර්වකව සීහිපත් කරමි. ෆුජි සුගත විහාරස්ථානයට සුදුසු භූමියක් තෝරාගෙන අපට සිව්පසයෙන්ම උපස්ථාන කරමින් විහාරස්ථානය ඉදිකිරීමට මූලිකවම කටයුතු සංවිධානය කරණලද කපිල කුමාර ගුණතිලක මහතා විශේෂයෙන් සිහිපත් කළයුතුමය. 2013 පෙබරවාරි මස 10 වැනි දින විහාර භූමිය ශුද්ධ පවිත්‍රකිරීම සඳහා පැමිණි හැමදෙනාමත් විහාරස්ථානයේ කාර්මික වැඩ සීදුකරණලද ප්‍රදීප් කුමාර මහත්මා, රංජි ඉචිකවා මහත්මා අසන්ත චාමර මහත්මා ඇතුළු සැමදෙනාමත්, ෆුජි සුගත බෞද්ධ සංගමය ආරම්භ කළ දින සිට සභාපතිත්වය දරමින් කටයුතු කරණ කමන්ත රත්නායක මහත්මා ඇතුළු සැමදනාමත් ඉතාමත් ගෞරවයෙන් පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරමි. තවද ෆුජි සුගත විහාරය ආරම්භ කළ වකවානුවේ සිටම ශාසනික අනුග්‍රහය දක්වන ත්සුකුබා සම්බුද්ධාලෝක විහාරාධිපති පූජ්‍ය තුන්හිටියාවේ ධම්මාලෝක හිමියන්ද සිහිපත් කිරීමට අමතක නොකරමි.
අවශාන වසයෙන් අප දොළොස් හැවිරිදි වියේදී සසුන්ගතවූ දා පටන් සිව්පසයෙන් උපස්ථානකරමින් අපව රැකබලාගත්, පෝෂණයකළ සියලුම දායක පින්වතුනුත්, ෆුජි සුගත විහාරස්ථානය ආරම්භකළ දිනයේ සිටම විහාරස්ථානයට යමින් එමින් ආධාර උපකාර කළ සි‍යළුම ශ්‍රී ලාංකික පිංවතුන්ටත් ජපන් ජාතික කිතශකි (Ms.Kitazaki Mitsue)අම්මා, Mr.Konishi Junichi, Mr.Sasaki Shigeo, Mr.Nagahasi ,Ms.Nagahashi ඇතුලු පිංවත් පිරිසටත් පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පුදකර සිටිමු.
මෙතෙක් කල් භාවිතා කරණ ලද ෆුජි සුගත විහාරය යන නාමය මෙතැන් පටන් ෆුජි සුගත සෙනසුන යනුවෙන් භාවිතා කරණ බව පිංවත් ඔබ සැමදෙනාටම මෙයින් දැනුම් දෙමු. ලිපිනය Shizuoka ken,Fujinomiya shi, Kitayama 3155 වේ. ෆුජි සුගත විහාරයේ සහ සෙනසුනේ වෙනස ඔබට පැමිණ අත්විදීමට හැකිබව සිහිපත් කරමි. නේවාසිකව භාවනා කිරීමට කැමති පිංවතුන් වෙනුවෙන් පහසුකම් සැලසීම සහ භාවනා වැඩසටහන් පැවැත්වීම ෆුජි සුගත සෙනසුනෙන් සිදු කෙරෙණු ඇත. දුල්ලභං ච මනුස්සත්තං මිනිසත් බව ලැබීම දුර්ලභය. ඔබ ලැබූ මේ මිනිසත් බවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. ඔබ සැමට තිසරණ සරණින් සියලු යහපත උදාවේවා!!!
මෙයට  
මෙත් සිතැති
හුරුල්ලේ සුධම්ම හිමි
ප්‍රධාන අනුශාසක
ෆුජි සුගත සෙනසුන 
                                                                                                    


2018-06-27

Sramadanaya


 先日ご案内しました通り、新しい精舎を建立するにあたり2000万円のお布施を募りましたところ、そのうち土地(建物)の代金1600万円のうち600万円を契約通り支払うことができ、建物の鍵を受け取ることが出来ました。

 ここにある建物といってもトイレ、バス等まず必要なところから作っていかなければなりませんので、7月1日、8日、15日等、毎週日曜日に皆でボランティア(作務)をしていきたいと思います。

 皆さん是非ご参加下さい。
(日本語でのご案内・さくらぎ)

2018-05-10

ウェーサーカ祭のご案内

5月27日(日)富士スガタ精舎にて
ウェーサーカ祭を行います。
お釈迦様の誕生・成道・涅槃という
佛教三大行事を祝う法要です。

どうぞ皆様、ご自由にご参加ください。

2018-04-25

ウェーサーカ佛道実践会のお知らせ

ウェーサーカ佛道実践会を富士スガタ精舎で

4月30日(月・祝)〜 5月6日(日)

に行います。

(スダンマ長老が4月28日(土)には秋葉原の勉強会、
29日(日)はサンブッダローカ寺にいらっしゃるため
予定が変更になりました。)

期間中、どなたも自由にご参加ください。

日帰りでも、参加される方はスガタ精舎まで、
電話かメールで申し込みをお願いします。

電話:0544-66-8434
携帯:070-5647-0644
メール:sugatavihara@gmail.com
参考までに、佛道実践会の進め方はこちらです。

2018-01-13

富士スガタ精舎・2018年法要の予定


富士スガタ精舎・2018年法要の予定


   2018/1/1(月・祝)

新年祝福法要
නව වසර උදාව

   2018/4/15(日)

シンハラ・スリランカ新年法要
සිංහළ අලුත් අවුරුදු නව වසර උදාව


   2018/4/28(土)〜 5/6(日)

ウェーサーカ佛道実践会
වෙසක්  වෙසක්  නේවාසික සීල භාවනා වැඩසටහන


   2018/5/27(日)

ウェーサーカ祭
වෙසක් උත්සවය


   2018/7/14(土)〜 7/16(月・祝)

佛道実践会
නේවාසික සීල භාවනා වැඩසටහන


   2018/7/22(日)

献血と雨安居入りの法要
ලේ දන්දීමේ පිංකම, වස් ආරාධනාව


   2018/8/11(土)〜 8/15(水)

佛道実践会
නේවාසික සීල භාවනා වැඩසටහන


   2018/9/15(土)〜 9/17(月・祝)

佛道実践会
නේවාසික සීල භාවනා වැඩසටහන


   2018/10/6(土)〜 10/8(月・祝)

佛道実践会
නේවාසික සීල භාවනා වැඩසටහන


   2018/10/28(日)

雨安居開けの法要
වස් පිංකම

   2018/11/23(金・祝)〜 11/25(日)

佛道実践会
නේවාසික සීල භාවනා වැඩසටහන

   2018/12/29(土)〜 2019/1/2(水)

年末年始佛道実践会
වර්ෂාවසාන නේවාසික සීල භාවනා වැඩසටහන

   2018/12/31(月)

年明けの法要
වර්ෂ අවසාන පිංකම

ඔබ සැමට මෙත් සිතින් දැනුම් දෙමු.
ඇතැමවිට මෙම දින වල වෙනස්කම් ඇතිවිය හැකිබව කරණාවෙන් සිහිපත් කරමි.

ෆුජි සුගත බෞද්ධ සංගමය