2014-08-12

ආරාධනාවයි


ආරාධනාවයි

ෆුජි සුගත විහාරස්ථ සුගත බෞද්ධ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් මේ මස 16 වන සෙනසුරාදා සවස 03.30 පැවැත් වේ. ෂිශුඔකා කෙන්හී ජීවත් වන සියලු සිංහළයින්ට මේ සඳහා සහභීගී වන ලෙස විශේෂයෙන් ආරාධනා කර සිටිමු.

එදිනට විහාරස්ථානයේ ඉදිරි ආගමික කටයුතු පිළිබඳව සාකච්ඡා කීරීම, ජපානයේ සිංහළ බෞද්ධ සංගමය පිළිබඳව සාකච්ඡා කිරීම, ජපානයේදී උපන් සිංහළ දූදරුවන්ගේ අනාගත සුභ සිද්ධිය උදෙසා විහාරස්ථානයේ දායකත්වය කෙසේ වියයුතුද යන වග සාකච්ඡා කිරීම ඇතුළු විශේෂ කරුණු රාශියක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

මේ ජපානයේ මළවුන් පිදීමේ "ඔබොන් "පිංකම් පැවැත් වෙන කාලයයි. අපිත් අපේ මවු බිම වෙනුවෙන් ජීවිත පූජාකළ රණවිරුවන්ට සහ මළගිය සියළු දෙනාටම පිං අනුමෝදන් කිරීම පිණිසත් ජීවත්ව වාසය කරණ සියළු දෙනාටම ආශිර්වාද කිරීම පිණිසත් සවස05.30ට විශේෂ බෝධි පූජා පිංකමක්ද සංවිධානය කොට ඇත. මේ සියළු කටයුතු සඳහා සහභාගී වන ලෙස සියළු දේනාටම ගෞරවයෙන් ආරාධනා කරමු.

ෆුජි සුගත බෞද්ධ සංගමය

Tel. 0544-66-8434