2014-09-25

カティナ衣大法要කඨින මහා පුණ්යෝත්සවය


カティナ衣大法要

(雨安居明けの法要)

日時:平成26年10月12日(日曜日)9時~17時

場所:富士スガタ精舎

静岡県富士宮市青木796-2

Tel/Fax 0544-66-8434

内容:カティナ衣法要というのは何にも優る強鋼な大徳を積める法要です。富士スガタ精舎のカティナ衣はスリランカの昔のやり方で白布を裁断し衣に縫い上げてか染色し参加者一同で比丘サンガへお布施致します。

どなたでもご自由に参加ください。

富士スガタ佛教協会


කඨින මහා පුණ්‍යෝත්සවය
ගරු අනුශාසක හුරුළුනිකවැවේ සුධම්ම  ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි පළමු වතාවට ෆුජි සුගත  විහාරස්ථනයේ දී පැවැත්වෙන කඨින මහා පුණ්‍යෝත්සවය
2014/10/12 වන ඉරු දින
උදෑසන 09.00 සිට සවස 05.00 දක්වා දවස පුරා පැවැත්වේ.
දායක සභාවේ ගෞරවණීය ආරාධනාවෙන් මෙවර පූජ්‍ය හෝමාගම සීලවංස ස්වාමින්වහන්සේ, පූජ්‍ය සුද්දැල්ලාවේ සද්ධාතිස්ස ස්වාමින්වහන්සේ ෆුජි සුගත විහාරයෙහි වස්වසා වැඩසිටි අතර වස්පවාරණයෙන් පසු සිදුකෙරෙන මහානීය කඨින පුණ්‍ය මහෝත්සවය දායක සභාව ඇතුළු ජපන් රටෙහි පුණ්‍යකාමී සැදැහැවතුන්ගේ දායකත්වයෙන් ඔක්තොම්බර් 12 වන ඉරු දින පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් පවතී.
පෙ.ව.09.30 ට කඨින වස්ත්‍රය  රැගත් පෙරහැර පිටත්වීම.
පෙ.ව.11.00 ට සම්බුද්ධ පූජාව සහ කඨින චීවර පූජාව.
පෙ.ව.11.30 ට කඨින චීවරය සකස් කිරීම (මැසීම )
ප.ව. 12.30 ට දිවා ආහාරය.
ප.ව. 02.30 ට කඨින චීවරයට පඬු පෙවීම.
ප.ව. 03.00 ට කඨිනානිශංස දේශනාව.
ප.ව. 04.00 ට සෙත්පිරිත් සජ්ඣායනාව සහ පුණ්‍යානුමොදනාව.
ප.ව. 05.00 ට වැඩසටහන නිමාව.
මෙය බෞද්ධ දිවියක සිදුකිරීමට ලැබෙන දුලබ පින්කමකි. බුදු සසුනෙහි දැක්වෙන       දිව්‍ය, මානුෂික හා නිවන් යන තිවර්ග සම්පත්තිය නොමදව සලසාලන  මෙම මහඟු පින්කමට ඔබටද හැකිපමණින් දායකවී එහි හිමිකරුවෙකු වන මෙන් ශාසනාලයෙන් යුතුව ආරාධනා කරමු.
මෙයට
අනුශාසක හිමි සහ
ෆුජි සුගත බෞද්ධ සංගමය
tel/fax  0544-66-8434