2010-10-10

පරලොවට පණිවුඩයක්

පරලොවට පණිවුඩයක්


1. ලඟදී  ඔය පලාතෙන් බැල්ම ලා මේ රටේහී

උපදි  න අය ඇත්නම් කාරියක් මම් කියන්නම්

කලදි  අපට කිව්වේ නෑ කියා ඊට පස්සේ

වැරදි  කියනවාටයි කල්තියා මේ කියන්නේ



2. රට  බොහොම අසාරයි ඉන්න උන්ගෙත් විකාරයි

පිට  ඔපයට සූරයි කම්මැලියි බාරදූරයි

අට  පහ නොම තේරෙයි වල් සිරිත් පාර බේරෙයි

පිට  රටට වදාරයි කාපු දේවත් වමාරයි



3. ගත සිත නැත උස්සා  ආදි ඇත්තන් විලස්සා

එයිනි නොරට වැස්සා  ගෙන් හිඟා කෑම රිස්සා

පුටුව පිටම රස්සා  වෙන්ට නම් සී පරිස්සා

විය යුතුය සුදුස්සා  වී මෙහේ එන්ට ලිස්සා



4. උගත යුතුය ඉංග්රිසස් ඒ නමුත් පොඩ්ඩකින් බෑ

එහෙම ඉගෙන ගන්නටත් කාලයත් ලේසියත් නෑ

එයිනි ඔය රටේ බී.ඒ. වලින්වත් සමත් වී

පැමිණිය යුතු බැව් ඕනෑ කමින් දන්වන්නෙම්



5. සිහ ල  බස කමක් නෑ ඒ උගැන්මෙන් පලක් නෑ

ඉහ ල  ගිය කෙනෙක් නෑ ඉන් සකුත් පාලි කම් නෑ

අහ ල  ක උගතෙක් නැත්නම් කොහේවත් ගොහිල්ලා

දෙම ල  බස ටිකක්වත් පාඩුවක් නෑ උගත්තොත්



6. සිහල  සිරිත දැන්නම් තුට්තුවක් නෑ වටින්නේ

නැටුම  සහ පියානා සර්පිනා තාල ඕනෑ

මෙහි  එන හෙටනිද්දා ගෑනු ඇත්නම් ඔහේදී

වැඩිය  හොඳට මේවායේ සමත් වෙන්ට ඕනෑ



7. කොයික වැරදුනත් මේ නම් වරද්දන්ට එපා

කළුහම ලැබුනෝතින් වෙන්නේ ඔක්කෝම පාඩුයි

ඔළුගෙඩි බිම ගස්සා කාගෙනුත් ගන්ට පූජා

හම සුදුවට නැත්නම් සායමක්වත් ගෙනෙල්ලා

 

බොරලැස්ගමුවේ ජී.එච්.පෙරේරා~1925